1984 – පොත් සාරාංශය
ඔයාට රටක් පාලනය කරන්න දුන්නොත් කොහොමද පාලනය කරන්නේ? රාජ්‍යයක් පාලනය කරනවා කියන්නේ රටේ මිනිස්සු පාලනය කරනවා කියන එකයි. හැබැයි මිනිස්සු පාලනය කරනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. මොකද මිනිස්සු වෙනස්වන සුලුයි. Unpredictable. කොයි මොහොතේ තමන්ට විරුද්ධ වෙයිද කියලා කියන්න බැහැ. තමන්ගේ බලය රැක ගන්නනම් මිනිස්සුන්ව පාලනය කරන්න ඉගෙන ගන්න ඕනේ. විශේෂයෙන්ම මිනිස් සිත.