මොකක්ද මේ නූතන

ලෝකේ කොච්චරනම් පොත් තියෙනවද. හැබැයි ඉතින් මේ ලෝකේ අපිට තියෙන්නේ සීමිත කාලයක්.
ලෝකයේ මේ වෙද්දි පොත් මිලියන 135කට වැඩිය තියෙනවා. හැම අවුරුද්දකම අලුතෙන් තවත් පොත් මිලියන 2ක් වගේ publish කරනවා. අපේ කෙටි ජීවිත කාලය ඇතුලත පොත් කීයක් කියවලා ඉවර කරන්න පුලුවන්ද. සාමාන්‍ය මනුස්සයෙක් අවුරුද්දකට පොත් 15ක් වගේ කියවනවා. ඉතින් අවුරුදු 80ක් ජීවත් උනත් ඔයාට කියවන්න වෙන්නේ පොත් 1000ක් වගේ පොඩි ගානක්.
ඒක නිසා තමයි මම මේ අවුරුද්ද මුල හිතා ගත්තේ 2022 අවුරුද්දේ පොත් 50ක් කොහොම හරි කියවනවා කියලා. සතියකට එක පොතක් ගානේ කියවන්න මම plan කලා. සති කිහිපයක් ගෙවිලා යද්දි තමයි මට මෙහෙම blog එකක් පටන් ගන්න අදහසක් ආවේ. මම කියවල ඉවර කරන හැම පොතකම පොඩි සාරාංශයක් ලියන්න හිතුනා.
ඇත්තටම මේක මගේ hobby එක කියලා කියන්නත් පුලුවන්. මොකද මට හම්බෙන හැම free time එකකදිම මම කරන්නේ පොත් කියවන එකයි ලිපි ලියන එකයි. ඉතින් මේ ලියන ඒව දාන්න තැනකුත් නැති එකේ මටම කියලා blog එකක් හදන්න හිතුනා. ඔන්න ඔහොමයි නූතන බිහි උනේ.