ලංකාවේ ශර්ලොක් හෝම්ස් පොතක් කියවපු නැති කෙනෙක් ඉන්නවා කියලා හිතන්න අමාරුයි. BMICH පොත් ප්‍රදර්ශනයේ වැඩිපුරම විකිනෙන පොත තමයි ඒ අවුරුද්දේ ආව අලුත් ශර්ලොක් හෝම්ස් පොත. ඉතිහාසයේ මෙච්චර කාලයකට රචනා වුන හොදම රහස් පරීක්ෂක කතා මාලාව ශර්ලොක් හෝම්ස් කියලා කියන්න පුලුවන්.
හැබැයි කාලයත් එක්ක මට මේ තිබුනු ශර්ලොක් පිස්සුව අඩු උනා. මම දන් නෑ ඒ එක දිගට ශර්ලොක් හෝම්ස් අවුරුදු ගානක් කියෙව්ව නිසාද එහෙමත් නැත්තම් ටිකෙන් ටික පොත් වල කතා ශ්යිලය වෙනස් උන නිසාද කියලා. 2015න් පස්සෙ මම ශර්ලොක් හෝම්ස් පොතක් අල්ලලවත් නැහැ.
කොහොම හරි මම මේ ලගදි ගම්පහ ගියපු වෙලාවක පුරුද්දට වගේ මින්සර එකට ගොඩ උනා. කාලෙකින් අලුතෙන් පොතකුත් ගත්තෙ නැති එකේ මම ටික වෙලාවක් එහාට මෙහාට ඇවිද ඇවිද පොතක් හෙව්වා. පරිවර්තන section එකේ ඇවිදිද්දි තමයි මම ශර්ලොක් හෝම්ස් පොත් ටික දැක්කේ. අලුත් ශර්ලොක් හෝම්ස් පොත් සෑහෙන්න ඇවිත්. ඉස්සර පිස්සුවෙන් කියවපු පරණ පොත් ටික දැකලා ආයෙමත් පොඩි ආසාවක් ආවා. මම ඉතින් අලුතෙන්ම ඇවිල්ල තිබ්බ ශර්ලොක් හෝම්ස් පොතත් (රන් දෙවගන) අරගෙන ගෙදර ආවේ ඉවසිල්ලක් නැතුව.
හරි අපි දැන් අපේ රිවිව් එකට යමු. චන්දන මෙන්ඩිස්ට පින් සිද්ද වෙන්න ශර්ලොක් හෝම්ස් කතා මාලාව සිංහලෙන්ම කියවන්න පුලුවන් උනා. ලංකාවේ පරිවර්තකයෝ කිහිපදෙනෙක්ම ශර්ලොක් හෝම්ස් කතා මාලාව සිංහලට පරිවර්තනය කරල තිබ්බට මෙන්ඩිස්ගෙ පරිවර්තනය තරම් ඒ එකක්වත් හිතට වැදුනෙ නැහැ.
ගෙදර ඇවිත් එක හුස්මට “රන් දෙවගන සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා” පොත කියවගෙන යද්දි මට දැනුනු දේ තමයි මේ පොත අර මම කියවපු පරණ ශර්ලොක් හෝම්ස් පොත් තරම් රසවත් නෑනෙ කියන එක. පොඩ්ඩක් හොයල බලද්දි තමයි තේරුනේ මේ අලුතෙන් එන ශර්ලොක් හෝම්ස් එක පොතක්වත් ආතර් කොනන් ඩොයිලි ලියපු ඒව නෙමෙයි කියලා.
ඩොයිලි ලියල තියෙන්නේ ශර්ලොක් හෝම්ස් කතන්දර 60ක් පමණයි. ඒ කතා හැට ඇතුලේ නවකතා 4ක් සහ කෙටි කතා 56ක් තියෙනවා. ඩොයිලිගේ කාලේ ශර්ලොක් හෝම්ස් කියන චරිතය ගැන තවත් ලේඛකයො කිහිප දෙනෙක්ම කතා ලියලා තියෙනවා. හැබැයි ඩොයිලි කියලා තියෙනවා තමා ජීවත් වෙලා ඉන්න තාක්කල් වෙන කාටවත් ශර්ලොක් ගැන ලියන්න අවසර දෙන් නැහැ කියලා.
1930 දී ඩොයිලි මිය යනවා. ඒ උනාට මෙයා නිර්මාණය කරපු ශර්ලොක් හෝම්ස් කියන ප්‍රබන්ධ චරිතය මිය යන් නෑ. ඒ කාලෙ තිබ්බ කතෘහිමි නීතියට අනුව, කතෘ මිය ගිය පසු ඔහෙගේ හෝ ඇයගේ චරිත වෙනත් අයට බාවිතා කරලා කතන්දර ලියන්න පුලුවන්ලු. (හැබැයි දැන් නම් එහෙම බැහැ) ඉතින් ඩොයිලි මිය ගියාට පස්සෙ වෙනත් එක් එක් ලේඛකයෝ ශර්ලොක් හෝම්ස් චරිතයට පණ පොවන්න ගත්තා.
දැන් අපි කතා කරමු චන්දන මෙන්ඩිස්ගෙ පොත් වල රසය අඩු උනේ ඇයි කියලා. 1998 චන්දන මෙන්ඩිස් එයාගෙ පලවෙනි ශර්ලොක් හෝම්ස් පොත පරිවර්තනය කරනවා. The hound of the Baskervilles යන පොත බැස්කවිල් රුදුරු බල්ලා නමින් එලි දක්වනවා. මීට පසුව සිව් රහස් සලකුන, බිහිසුණු නිම්නය, මළගිය ඇත්තෝ සාක්කි දෙති, ලේ සලකුණ, අන්තරාය අඩවිය, මහ රෑ ආ මාරයා, ඉන්ද්රනීල මානික්‍යය, දියමන්ති ඔටුන්න, ලෝහිත පරීක්ෂණය, ඔබෙන් සමුගනිමි නමින් පොත් 12ක් චන්දන මෙන්ඩිස් publish කරනවා.
2003 වෙද්දි ඩොයිලි ලියපු පොත් හැටම සිංහලට පරිවර්තනය කරල ඉවර කරනවා. ඒ උනාට මේ වෙද්දි ශර්ලොක් හෝම්ස්ට ලංකාව ඇතුලෙ ලොකු fan base එකක් හැදිලා තිබ්බේ. මෙයාල තව තවත් ශර්ලොක් හෝම්ස් පොත් ඉල්ලුවා. ඉතින් මේකට පිලියමක් වශයෙන් තමයි චන්දන මෙන්ඩිස් රහසිගත් ලිපිගොනු කියල අලුත්ම series එකක් පටන් ගන්නෙ.
මේ සීරීස් එකට අනුව චන්දන මෙන්ඩිස් එංගලන්තයේ ගිය වෙලාවක එයාට ට්‍රන්ක පෙට්ටියක් ඇතුලේ තිබිලා ශර්ලොක් හෝල්ම්ස් ගේ publish කරපු නැති රහස්පරීක්ශන කතා වගයක් හම්බෙනවා. අන්න ඒ හම්බුන රහස්පරීක්ශන කතා ටිකලු පරිවර්තනය කරන්නේ. හැබැයි මෙතන ප්‍රශ්නේ මේවා ඩොයිලි ලිව්ව කතා නෙමෙයි. ඩොයිලි මිය ගියාට පස්සෙ හිටියෙ ලේඛකයෝ ලියපු කතා තමයි මේ.
මේ වෙද්දිනම් චන්දන මෙන්ඩිස් පොඩ්ඩ්ක් සමන් එදිරිමුණි වගේ වෙලා. මුල්ම කාලෙ ආපු රහසිගත ලිපිගොනු කතා ඇත්තටම රසවත්. ඩොයිලිගේ කතා වලට සම කරන්න බැරි උනාට ඒ කතා රස විදින්න පුලුවන් level එකක තිබ්බා. ඒ උනාට දැන් නම් එන කතන්දර එච්චර ලොකු quality එකක් නැහැ.
ඔයාට ශර්ලොක් හෝම්ස් රස විදින්න ඕනෙනම් චන්දන මෙන්ඩිස්ගේ මම කලින් කිව්ව පොත් 12 කියවන්න. අලුතෙන් එන ඒව අන්තිමට කියවන්න තියා ගන්න.
ඩොයිලිගේ කතා හැටෙන් මට හොදම කතන්දර ටික මම පහතින් සදහන් කරන්නම්.
1. ලෝහිත පරීක්ෂණය (A study in scarlet)
කොනන් ඩොයිලි ලියපු පලවෙනි ශර්ලොක් හෝම්ස් කතාව. ඔයා ශර්ලොක් හෝම්ස් කියවන්න හිතාගෙන ඉන්න කෙනෙක්නම් මේ පොතෙන් ශර්ලොක් හෝම් කියවන්න පටන් ගන්න. මේ පොතේ කොටස් දෙකක් එනවා. පලවෙනි කොටසේ තියෙන්නේ මිනීමැරුම් රහස්පරීක්ශනයක්. දෙවනි කොටසේ තියෙන්නේ ඛේදජනක ආදර් කතාවක්.
2. නැට්ටුවන්ගේ අබිරහස් පෙරහැර(Adventure of the dancing man)
ශර්ලොක්ගෙ නිරීක්ෂණය මගින් නිගමන වලට එලබෙන හැකියාව හොදටම පෙන්නුම් කරන කතාව කියලයි මම මේ පොත සලකන්නේ.
3. බැස්කවිල් රුදුරු බල්ලා (Hound of Baskervilles).
මම හිතන විදිහට ජනප්‍රියතම සහ භයානකම ශර්ලොක් හෝම්ස් කතාන්දරයි. මට තවම මතකයි මේක කියවපු කාලේ මම රෑට තනියෙන් ගෙදරින් එලියට යන්නෙත් නැහැ.( මම හත වසරෙද කොහෙද එතකොට)
4. ඉන්ද්රනීල මානික්‍ය (The adventure of the Blue Carbuncle)
මම මුලින්ම කියවපු ශර්ලොක් හෝම්ස් පොත නිසා මේක මගේ මතකයේ හැමදාම තියෙන පොතක්. මට හිතෙන විදිහට මේක තමයි රසවත්ම ශර්ලොක් හෝම්ස් කෙටි කතාව.
5. අනිත් සේරම පොත්
හොදම ශර්ලොක් හෝම්ස් පොත කියල දෙයක් නැහැ. ශර්ලොක් හෝම්ස් පොත් සේරම හොදයි. මම උඩින් සදහන් කලේ මගෙ හිතට වැදුනු හොදම කතා හතර ගැන.
මේ පොත් සේරම ටික කියවල ඉවර උනාට පස්සෙ Sherlock කියන tv series එකත් බලන්න. මම බලපු හොදම tv series එකක් තමයි ඒක. ආයෙ Robert Downey JR රගපාන ශර්ලොක් හෝම්ස් මූවීස් දෙකකුත් තියෙනවා. ඒ දෙකත් සෑහෙන්න හොදයි.
ඔන්න ඉතින් මේ විදිහට අපේ තවත් review එකක් ඉවර වෙනවා. ඔයා මේ සේරම පොත් කියවල තියෙනවනම් මම කැමතී ඔයාගෙ අදහසුත් දැන ගන්න. පහලින් ඔයාගෙ අදහස් comment කරන්න. නැත්තම් මට මේල් එකක් දාන්න. ඔයාල එවන හැම මැසේජ් එකක්ම මම කියවනවා. එහෙනම් තවත් review එකකින් මුණගැහෙනකම් මම සමු ගන්නම්.