You are currently viewing ධනවත් පියා දිළිදු පියා – පොත් සාරාංශය

ධනවත් පියා දිළිදු පියා – පොත් සාරාංශය

මෙහෙම හිතන්න. ඔයා මේ දැන් වැඩ කරන එක නවත්තනවා. ඔෆිස් යන එක නවත්තලා දානවා. ඔයා ලග මේ වෙද්දි ඉතුරු කර ගත්තු මුදලෙන් ඔයාට කොච්චර කාලයක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්ද ? තමන්ට තියෙන වත්කම් ගැන අදහසක් මේ ප්‍රශ්නෙට දෙන පිලිතුරෙන් හිතා ගන්න පුලුවන්.

මගෙ ලගම යාලුවෙක් ඉන්නවා තාරක කියලා. මිනිහා හොද බිස්නස් කාරයා. Financial advice එහෙම ඕනෙනම් මම මිනිහට තමයි කතා කරන්නේ. මගෙ money management හැකියාව බිංදුවයි කියලා හැමදාම මිනිහා මට බනිනවා. දවසක් අපි දෙන්න කයියක් දාගෙන ඉද්දි එක සැරේම මිනිහා මගෙන් ඇහුවා “උබ Rich Dad Poor Dad කියවල තියෙනවද” කියලා. මම නෑ කිව්ව ගමන් මූ බැනගෙන බැනගෙන ගියා. ඒ පොත අපේ වයසේ හැමෝම අනිවාර්යයෙන්ම කියවල තියෙන්න ඕනෙලු. Financial Freedom (මූල්‍යම නිදහස) කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගන්න පුලුවන්ලු. සල්ලි කළමනාකරණය ගැන ඉගෙන ගන්න උවමනාවෙන් හිටිය මම එදා හවසම පොත ගත්තා.

කවුද මේ රොබර්ට් කියොසකි ?

රොබර්ට් කියොසාකි(Rober Kiyosaki) කියන්නේ ඇමරිකානු ව්‍යාපාරිකයෙක්. 2022 වසර වෙද්දි මෙයාගෙ මුලු වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 110ක් වෙනවා. ඉතින් සාමාන්‍ය පවුලකින් ආව මෙයා කොහොමද මිලියනපතියෙක් උනේ ? Rich Dad Poor Dad කියන පොතෙන් අපිට මේ ප්‍රශ්නයට උත්තරයක් හම්බෙනවා. ලෝකයේ වැඩියෙන්ම අලවි උන personal financial පොත තමයි මේක.

රොබර්ට් කියොසකි ඉපදෙන්නේ හවායී වල හයිලෝ කියන කුඩා නගරයේ. මේ නගරයේ හිටියේ ගොඩක් පොහොසත් මිනිස්සු. ඉතින් මේ පොහොසත් මිනිස්සුන්ගේ ලමයි ගිය ඉස්කෝලයටම තමයි පුංචි රොබර්ට්ටත් යන්න උනේ. රොබර්ට්ගේ හොදම යාලුවා තමයි මයික්. එයත් රොබර්ට් වගේම සාමාන්‍ය පවුලක ලමයෙක්. ඉස්කෝලේ හැමෝම වගේ මේ දෙන්නව කොන් කරලයි හිටියේ. මොකද මෙයාලට අර සල්ලිකාරයන්ගේ ලමයින්ට වගේ ලස්සන බයිසිකල්වත්, අලුත්ම සෙල්ලම්බඩුවත් තිබ්බෙ නැති නිසා.

දවසක් රොබර්ට් එයාගෙ තාත්තගෙන් අහනවා “තාත්තේ මම කොහොමද පෝසත් වෙන්නෙ කියලා.” රොබර්ට්ගේ තාත්තා හොදට ඉගෙන ගත්තු කෙනෙක්. Phd එකක් වගේම යුනිවර්සිටි කිහිපයකින්ම degree කිහිපයක්ම ගත්ත මනුස්සයෙක්. හැබයි මෙයාට මුදල් පිලිබද කිසිම දැනුමක් නැහැ. තාත්තගේ පිලිතුර වෙන්නේ “පුතේ ඔයාට පෝසත් වෙන්න ඕනෙනම් ඔයා සල්ලි හදන හැටි ඉගෙන ගන්න ඕනෙ කියලා.” මුදල් ගැන කිසිම තේරුමක් නැති පුංචි රොබර්ට් මේක තදින් හිතට දා ගන්නවා. එදා හවසම මයික් එක්ක එකතු වෙලා රොබර්ට් ප්ලෑන් එකක් ගහනවා සල්ලි හදන්න.

යාලුවෝ දෙන්න ඊලග දවසෙ උදෙන්ම වැඩ පටන් ගන්නවා. ටවුන් එකේ තියෙන හැම ගෙදරකටම ගිහින් මෙයාල දෙන්න ඉවර උන toothpaste ටියුබ්ස් ඉල්ලනවා. (ඒ කාලේ toothpaste ආවෙ ඊයම් වලින් හදපු පොඩි ටියුබ්ස් වල. දැන් වගේ plastic ටියුබ්ස් වල නෙමෙයි) මෙයාලගෙන් කවුරු හරි මොකටද මේ ටූත්පේස්ට් ටියුබ්ස් කියල ඇහුවහම මෙයාලගෙ උත්තරය උනේ “ඒක අපේ කම්පැනියේ රහසක්” කියන එක.

දවස් කීපයක්ම එහෙ මෙහෙ ඇවිදලා දෙන්නට ඇති තරම් හිස් ටූත්පේස්ට් ටියුබ්ස් එකතු කර ගත්තා. අන්තිමට යාලුවො දෙන්නා රොබර්ට්ගේ ගෙදරට ගිහිල්ලා සල්ලි හදන වැඩේ පටන් ගත්තා.

ගේ ඇතුලෙන් එන සද්දේ මොකක්ද කියල බලන්න ආපු තාත්තට ලමයි දෙන්න කර කර හිටපු වැඩේ දැකලා ඇස් දෙක උඩ යනවා. රොබර්ට්ටුයි මයිකුයි, දෙන්නා එකතු කරපු ඊයම් ටූත්පේස්ට් ටියුබ්ස් ටික ලොකු යකඩ බාජනයකට දාල රත් කරනවා. බැලින්නම් කාසි හදන්න.

පෝසත් වෙන්න සල්ලි හදන්න ඉගෙන ගන්න කිව්ව එක යාලුවෝ දෙන්න වැරදියට තේරුම් අරගෙන. එයාල හිතලා තියෙන්නේ අපිම සල්ලි හදා ගත්තොත් තමයි පෝසත් වෙන්නේ කියලා.

මෙයාල දෙන්න ඊට පස්සෙ සල්ලි ගැන ඉගෙන ගන්න යන්නේ මයික්ගේ තාත්තා ලගට. මයික්ගේ තාත්තා ලොකු සල්ලි කාරයෙක් නොවුනට එයාට මුදල් කලමණාකරනය ගැන ලොකු දැනුමක් තියෙනවා. එයා රොබර්ට්ගේ තාත්තා වගේ ගොඩක් ඉගෙන ගත්තු කෙනෙකුත් නෙමෙයි. හැබැයි කාලයත් එක්ක මයික්ගේ තාත්තා හවායි වල ඉන්න ලොකුම පොහොසතා වෙනවා. හොදට ඉගෙන ගත්ත රොබර්ට්ගේ තාත්තා ණය කාරයෙක් වෙනවා. Rich dad Poor dad කියලා කතාවට නම වැටෙන්නේ ඔහොමයි.

කතාව පුරාවටම රොබර්ට් කියොසකි එයාගෙ rich dad ගෙන් ඉගෙන ගත්තු දේවල් ගැන කියලා දෙනවා. ඒ වගේම එයාගෙම තාත්තා මුදල් ගැන දැරූ මතයත්, මයික්ගේ තාත්තා මුදල් ගැන දරපු මතයත් සන්සන්දනය කරනවා.

මේ පොතෙන් කියවෙන මූලික මූලධර්ම කිහිපයක් මම පහතින් සදහන් කරන්නම්.

1. Assets & Liabilities

මුදල් කලමණාකරනය කරන්නනම් අපි මුලින්ම assets සහ liabilities කියන්නේ මොනවද කියලා දැන ගෙන ඉන්න ඕනේ. මේ දෙකේ වෙනස අදුරගන්න ඕනේ.

Liabilities කියන්නේ වගකීම්/වියදම්. ඒ කියන්නේ ඔයාගෙ පසුම්බියෙන් මුදල් එලියට යන දේවල්. Assets කියන්නේ වත්කම්. ඒ කිව්වේ ඔයාගෙ පසුම්බියට මුදල් එන දේවල්.

Liabilities වලට උදාහරණ තමයි බිල්පත්, ණය, වාහන ලීසින්, credit cards වගේ දේවල්. Assets වලට උදාහරණ තමයි ඉඩම්, stocks, බිස්නස් වගේ දේවල්.

2. ජීවන රටාව

කියොසකි කියනවා, තමන් හම්බ කරන ගානට වඩා අඩුවෙන් ජීවත් වෙන්න කියලා. ඔයාගෙ මුලු මාසික පඩියම ඔයාගෙ මාසික වියදම් වලට වැය වෙනවනම් එතන ප්‍රශ්නයක් තියෙනවා. කියොසකි නැවත නැවතත් කියන දෙයක් තමයි මිනිස්සු අනවශ්‍ය දේවල් වලට සෑහෙන්න මුදල් වියදම් කරනවා කියන එක. මෙතනදී මෙයා ලස්සනට අවශ්‍යතා සහ උවමනා අතර වෙනස පෙන්නලා දෙනවා.

3. තමන්ගේ ආකල්ප

හැම තිස්සෙම තමා දියුණු මනුස්සයෙක් වගේ හිතන්න. මට බැහැ, මේ දේ මට කලින් කී දෙනෙක් කරල ඇත්ද, Stock මාර්කට් කියන්නේ සූදුවක්, බිස්නස් කරන්න කොහෙන්ද අපිට සල්ලි වගේ negative විදිහට හිතන්න එපා. පොතේ කිහිප තැනකම කියොසකි තමන්ගේ තාත්තගෙයි මයික්ගේ තාත්තාගෙයි mindset එක සසදනවා.

Poor Dad : මට දියුණු වෙන්න බැරි මගෙ ලමයි නිසා.
Rich Dad : මම කොහොම හරි දියුණු වෙන්න ඕනේ මගෙ ලමයි නිසා.

Poor Dad : හොදට ඉගෙනගෙන හොද company එකකට වැඩ කරන්න.
Rich Dad : හොදට ඉගෙන ගෙන හොද company එකක් පටන් ගන්න.

Poor Dad : සල්ලිත් එක්ක අනවශ්‍ය අවදානම් ගන්න එපා.
Rich Dad : මූල්‍ය අවදානම් හරියට කළමනාකරණය කරන්න ඉගෙන ගන්න.

කියොසකි එයාගෙ rich dadගෙන් ඉගෙන ගන්න තවත් දෙයක් තමයි, මිනිස්සු හැගීම් දෙකක් මත මූල්‍යම තීරණ ගන්නවා කියන එක. ඒ තමයි බිය සහ තණ්හාව. මම මේ දේවල් ගැන වැඩිය විස්තර කරන්න ‍යන්නෙ නෑ, මොකද පොතේ හරි ලස්සනට ඒ දේවල් ගැන කියල දෙනවා.

මේ පොතේ අඩුපාඩුවකුත් මම කියන්නම්. මෙයා තමන්ටම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න කලින් හොදට ගෙවන රස්සා කිහිපයකම වැඩ කරනවා. ඉතින් මේ රස්සා වලින් ඉතිරි කරගත්තු මුදල් වලින් තමයි මෙයාගෙ ගමන පටන් ගන්නේ. ඉතින් මොන වැඩේ පටන් ගන්නත් තමන් ඉතුරු කර ගත්තු මුදලක් තියෙන්න ඕනේ. You need money to make money කියන්නේ ඒකයි.

කොහොම හරි පොත කියවල ඉවර උනාට පස්සෙ මගෙ වියදම්නම් සෑහෙන්න අඩු උනා. අනවශ්‍ය දේවල් වලට වියදම් කරන එක නවත්තලා දැම්මා. Stock, crypto වගේ දේවල් වල invest කරන්නත් පොඩ්ඩක් ඉගෙන ගත්තා. මේ පොත කියෙව්වට පස්සෙ ඕනෙම කෙනෙකුගේ මුදල් පිලිබදව මෙච්චර කල් තිබ්බ ආකල්ප වෙනස් වෙනවා. මුදල් කළමනාකරණය ගැන ඉගෙන ගන්න කැමති ඕනෙම කෙනෙකුට මේ පොත recommend කරන්න පුලුවන්.

මේ විදිහට අපේ rich dad poor dad රිවිව් එක අවසන් වෙනවා. ඉතින් ඔයා මේ පොත කියවල තියෙනවනම් ඔයාගෙ අදහසුත් පහළින් comment කරන්න. මම කැමති ඔයාල මේ පොත ගැන හිතන දේවල් දැන ගන්න. එහෙනම්, තවත් පොතකින් හමුවනකන් මම සමු ගන්නම්.

Leave a Reply